දෙදින නිල සංචාරයක් සඳහා චින දූත පිරිසක් දිවයිනට


චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ එම රජයේ උසස් තනතුරු රැසක් හොඹවන 26 දෙනෙකුගෙන් සමන්විත චීන රජයේ දූත පිරිසක් , දෙදින නිල සංචාරයක් සදහා අද දින රාත්‍රී චීනයට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජික මෙන්ම එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ යෑන් ජෙයිසි ( Yang Jiechi ) මහතා මෙම චීන දූත පිරිසේ නායකත්වය දරයි .

මෙම දූත පිරිස රැගත් චීනයේ බෙයිජිං ගුවන් සේවයට අයත් බී.ජේ.එන්.- 099 දරන විශේෂ ගුවන් යානය අද දින රාත්‍රී 7.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම චීන දූත පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙන්ම රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය , ශ්‍රී  ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් , විශ්‍රාමික අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ උසස්   නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .

මෙම චීන දූත පිරිස ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා , අග්‍රාමාත්‍යතුමා , විදේශ කටයුතු අමාත්‍යතුමා ඇතුළු ශ්‍රී ලංකා රජයේ උසස් රාජතාන්ත්‍රිකයන් හමු වී සාකච්ඡා කිරීමට නියමිතය .

මෙම චීන දූත පිරිස  ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරය නිමා කර , ඔවුන් පැමිණි බෙයිජිං ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයෙන්ම හෙට දින සවස 4.00 ට කටුනායක ගුවන් තොටුපළෙන් චීනයේ බෙයිජිං බලා පිටත්ව යෑමට නියමිතය .



Recommended Articles