දෙදහසේ දිමනාව ලබාදිම දිවයින පුරාම ක්‍රියාත්මකයි


කොරෝනා ව්‍යාප්තියත් එක්ක ජීවනෝපාය අහිමි වුණ ජනතාව සදහා රුපියල් දෙදහසක දීමනාවක් ලබාදීමට රජය තීරණය කළේ එම පිරිසට අවශ්‍ය සහාය ලබාදීම සදහායි.

මෙම  වැඩපිලිවෙල දැන් දිවයින පුරාම ක්‍රියාත්මක වේ.

කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස‍යේ සාලමුල්ල  ලක්සද සෙවන නිවාස සංකීර්ණයේදී ද රුපියල් දෙදහසේ දීමනාව ලබාදීම සිදු වුණා.

සමෘද්ධි,  ආර්ථික සංවර්ධන හා ග්‍රාමනිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම කටයුතු සිදු කර තිබෙනවා.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජීවනෝපාය අහිමි වූ අඩු ආදායම්ලාභී පවුල් 40,000 ක් හදුනාගෙන තිබෙනවා. එම පවුල් සදහා සහනාධාරය ලබාදීම ආරම්භ කෙරුණේ  දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව් ඒ. ධර්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙනුයි.



Recommended Articles