දෙකෝටියක රන් හා රිදී ආභරණ අත්අඩංගුවට


රුපියල් දෙකෝටි තිස් තුන් ලක්ෂයක් වටිනා රිදී ආභරණ සහ ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ව්‍යාපාරික කාන්තාවක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඇය කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවකි.  ඇය අද අලුයම 02.45 ට ඉන්දියාවේ චෙන්නායි සිට, ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඇය විසින් රැගෙන ආ ගමන් මල්ලේ කිලෝ ග්රැම් 01 යි ග්රැම් 638 ක් බරැති ස්වර්ණාභරණ තොගයක් සහ කිලෝ ග්රැම් 01 යි ග්රැම් 600 ක් බරැති රිදී ආභරණ තොගයක් සගවා ගෙන සිටියදී , රේගු නිලධාරීන් විසින් ඒවා සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබුණි.

ආභරණ සියල්ල රාජසන්තක කිරීමට නියෝග කළ අතර ඇයට රුපියල් 30,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළාය.

 



Recommended Articles