දෘෂ්‍යාබාධිත පුද්ගලයින් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට නව ක්‍රමවේදයක්


මැතිවරණ කොමිෂන් සභාව මගින් මෙවර මහ මැතිවරණයේදී දෘෂ්‍යාබාධිත පුද්ගලයින් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වාදී තිබේ.

ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත සංගමය කලක සිට මැතිවරණ කොමිසමෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.

එමගින් රහස්‍යභාවය ආරක්ෂා වන පරිදි ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව දෘෂ්‍යාබාධිත පුද්ගලයින්ට ලැබී ඇත.

ඊට අදාළ පෙරහුරුවක් ඊයේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත් විය.



Recommended Articles