දූරියන් ඇහිදින්න ගිය තරුණයා මුරකරුගේ වෙඩි පහරින් මරුට


මීරිගම පොලිස් වසමේ බෝතලේ පහළගම ප්‍ර දේශයේදි වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කර ඇති බව මිරිගම ‍පොලීසිය කියයි.

මරණකරු බෝතලේ පහළගම ප්‍ර දේශයේ  ඉඩමක දූරියන් ඇහිදීමට යාමේදී මුරකරු විසින් බෝර 12 ගිනි අවියකින් වෙඩි තබා ඇති බවට මේ වන විට සිදුකරන විමර්ශනවලදී අණාවරණය වී තිබේ.

මරණකරු අවුරුදු 19ක් වන තවලම්පිටිය පදිංචිකරුවෙකි. සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මීරිගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



Recommended Articles