දුෂණ චෝදනා නිසා පොලිසියේ 22ක් මාරු කරයි


ගිරාදුරුකෝට්ට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුලු නිළධාරීන් 22 ක් හදිසියේම ස්ථාන මාරුකිරීම සම්බන්ධයෙන් එම නිළධාරින් ජනාධිපති,අගමැති හා ආරක්ෂක  ලේකම්වරයාගෙන් සහනයක් ඉල්ලා ලිපියක් යවා තිබෙන බව එම පොලිස් නිළධාරීන් කියයි.

ස්ථාන මාරුවීම් ලද නිළධාරීන් කියා සිටියේ කිසිදු චෝදනාවක් හෝ පරීක්ෂණයක් නොකර බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය මගින් ස්ථාන මාරුවීම් ලබා දී තිබෙන බවයි.

පොලසියේ සේවය කරමින් සිටි අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුලු සැරයන් හා කොස්තාපල් තනතුරු දරන නිළධාරීන්ට බදුල්ල දිස්ත්‍රික්කය තුළ තිබෙන පොලිසි වලට පසුගිය 19 දින සිට ක්‍රියාත්මක වන ලෙස ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

මේ සම්බන්දයෙන් බදුල්ල කොටිඨාශභාර ජේෂ්ඨ පොලිස් නිළධාරියෙකුගෙන්  විමසු විට කියා සිටියේ ස්ථාන මාරුවීම් ලැබු පොලිස් නිළධාරීන්ට තිබෙන දුෂණ චොදනා රුසක් සම්බන්දයෙන්  විධිමත් ලෙස පරීක්ෂණ පැවත්වීම සදහා සියලුම දෙනාට මාරුවීම් ලබාදුන් බව එම නිළධාරියා පැවසීය.

ලුණුගල ප්‍රසන්න පත්මසිරි



Recommended Articles