දුරගමන් සේවා බස් රථ විශේෂ පරීක්ෂාවට ලක්කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදි ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
දුරගමන් සේවා බස් රථ අනතුරට ලක්වීමේ සිදුවීම් දිනෙන් දින ඉහළයාම නිරීක්ෂණය වීම හේතුවෙන් මෙලෙස බස්රථ විශේෂ පරීක්ෂාව සිදු කිරීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා දී තිබේ.