දුර ගමන් බස් රථ වෙනුවෙන් විශේෂ වැඩසටහනක්


කොළඹින් ආරම්භ වන සියලු දුර ගමන් සේවා බස් රථ නියමිත වේලාවට පෙර ගමනාන්තයට ළගාවන්නේ ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙල ඊයේ (12) දින  සිට ආරම්භ කිරිම සිදු විය.

ඒ අනුව ඊයේ දිනයේ පමණක් බස් රථ 267 ක් ගමනාන්ත 22ක් වෙත නියමිත වේලාවට පැමිණෙන්නේ දැයි  පරීක්ෂා කිරීම කර තිබේ.



Recommended Articles