තමා අදහන බුදු දහම අනුව දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයට සමාව දී අවසන් නමුත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුමින්ද සිල්වා මහතාට ජනපති සමා ල බාදීම රටේ නීතිය හෑල්ලුවට ලක්කිරීමක් බවත් හිටපු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.
දුමින්ද සිල්වා මහතාට ජනපති සමාව ලබාදීම සම්බන්ධයේන ජනපති ගෝඨාභය රජපක්ෂ මහතාට දීර්ඝ ලිපියක් යොමුකරමින් ඇය මේ බව සඳහන් කරයි.
උපුටා ගැනීම
“මගේ පියා මිය ගිය අවස්ථාවේදී පක්ෂ විපක්ෂ සෑම දේශපාලඥයෙකුම, නිලධාරියෙකුමට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණියත් ඔබ පැමිණියේ නැත. ඔබ පළමුව කළේ හෙලිකොප්ටරයක් ගෙන්වාගෙන දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා සිංගප්පූරුවට යැවීමට කටයුතු කිරීමයි.
මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, රෝහිත රාජපක්ෂ යන රාජපක්ෂ පවුලේ සියලුම දෙනා මාගේ පියාට අවසන් ගෞරව දැක්වීමට අවමංගල්‍යයට පැමිණියත් ඔබ පැමිණියේ නැත. ඔබ සිටියේ ශ්‍රී ජයවර්ධනපුර රේහලෙ දුමින්ද සිල්වා මහතා සමගය.
එක් රටක් එක් නීතියක් යන තේමාව යටතේ ඔබ ජනපතිවරණය ජයග්‍රහණය කරන ලදී. එහෙත් අද එම තේමාව හුදෙක් මැතිවරණය ජයග්‍රහණය සඳහා යොදාගත් වචන පෙළක් පමණි.”






