දුමින්ද නාගමුව ඇතුළු 05ක් අත්අඩංගුවට ගැනීමට නියෝග


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුළු 05ක් අත්අඩංගුවට ගන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

 කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ඊයේ (09) දිනයේ පැවති විරෝධතාවක් අතරතුර අධිකරණයට අපහාස කිරීම, පොදු දේපළවලට හානි කිරීම සහ අයුතු ජන රාශියක සාමාජිකයින් වීමේ චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගැනීමට මෙලෙස මෙම නියෝගය නිකුත් කර තිබේ.



Recommended Articles