දුම්රියේ ගැටී තරුණයෙක් හා තරුණියක් මරුට


දෙහිවල දුම්රිය ස්ථානයේදී තරුණයන් දෙදෙනකු හා තරුණියක දුම්රියේ ගැටී සිදුවූ අතුරකින් තරුණයෙක් හා තරුණියක් මියගොස ඇති අතර අනෙත් තරුණයා සුළු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

කරන්දෙනිය රොෂාන් රන්දික විජේසිංහ (අවු. 22) සහ අම්බලන්ගොඩ වතුගෙදර තෙරිනි ලක්මී (අවු. 22)  යන අය මෙම අනතුරින් මියගොස් තිබේ.

බලපිටිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සිසු සිසුවියන් 12 දෙනකු දෙහිවල සත්වෝද්‍යානය නැරඹීම සඳහා දුම්රියෙන් පැමිණ දෙහිවල දුම්රිය පලෙන් බැස ඇති අතර ඉන් පසු මෙම තිදෙනා ගුවන්පාලමෙන් ගමන් නොකර දුම්රිය වේදිකාවෙන් පැන දුම්රිය පාර හරහා බස්රථයක් ගැනීමට යාමේදී මෙම අනතුර සිදුව තිබේ.

දෙහිවල ධර්මපාල

 



Recommended Articles