දුම්රිය සේවකයන් දෙදෙනාගේ ගැටුම නිසා දුම්රිය වර්ජනයක්


මාළිගාවත්ත දුම්රිය අංගනයේදී උප නියාමකවරයෙකු හා දුම්රිය ආරක්ෂක සේවයේ නිලධාරීයෙකු විසින් අද (04) උදෑසන ගැටුමක් ඇතිකර ගෙන ඇති අතර එය මේ වනවිට දුම්රිය වර්ජනයක් දක්වා දික් ගැස්වී තිබේ.

උප නියාමකවරයාට දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු පහරදීම හේතුවෙන් එම ප්‍රහාරය එල්ල කල ආරක්ෂක නිලධාරියාගේ සේවය අත්හිටුවන ලෙස ඉල්ලා නියාමක සංගමය විසින් ක්ෂණිකව වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති අතර මේ හේතුවෙන් මාළිගාවත්ත අංගනයේ සිට ධාවනය වන දුම්රියවලට පමණක් බලපෑමක් සිදුව තිබේ.

කෙසේ වෙතත් මේ වන විට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග මේ පිලිබඳ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් සඳහන්.



Recommended Articles