දුම්රිය සාමාන්‍යාධිකාරී හදිසියේ අභාවප්‍රාප්ත වෙයි


වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරී කේ.ඩබ්. බණ්ඩාර මහතා හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අද පෙරවරුවේ අභාවප්‍රපාත්ත වී තිබේ. වෘත්තීමය ඉංජිනේරුවරයෙක් වන ඒ මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක් වෙයි. 1996 වසරේදී සහකාර දිස්ත්‍රික් ඉංජිනේරුවරයෙක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට එක්වූ ඒ මහතා විවිධ තනතුරු දරමින් 2023 වසරේ නොවැම්බර් මාසයේදී දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස පත්විය.

 



Recommended Articles