දුම්රිය ස්ථානාධිපති වර්ජනය අවසන්


දුම්රිය ගාස්තු ඉහළ දැමීම නිසියාකාරව සිදු නොවුන බව සඳහන් කරමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ආරම්භ කළ පැය 48ක වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙසේ එම වර්ජනය අත්හිටුවා තිබේ.

දුම්රිය ගාස්තු ඉහළ දැමීම නිසියාකාරව සිදු නොවුණ බව සඳහන් කරමින් එම සංගමය ඊයේ පස්වරු 6.00 සිට ප්‍ර වේශපත්‍ර නිකුත් කිරීමෙන් වැළකී සිටියේය.

 

 



Recommended Articles