දුම්රිය ස්ථානාධිපති තුන්වැනි ශ්‍රේණියට 100ක් බඳවා ගනියි


ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථානාධිපති තුන්වැනි ශ්‍රේණිය සඳහා පත්විම් 100ක් ප්‍රදානය කිරීම ඊයේ (05ද) දුම්රිය දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ද, අමාත්‍යාංශ වෘත්තීය සමිති සම්බන්ධීකරණ ලේකම් එස්.පී. විතානගේ ඇතුලු පිරිසක් ද සහභාගී විය.

 



Recommended Articles