දුම්රිය වර්ජනයක්?


දුමිරිය රියදුරු ශ්‍රේණිය මුහුණදෙන පරිපාලන සහ යටිතල පහසුකම් පිළිබඳ ගැටලු සම්න්ධයෙන් තීරණාත්මක විසඳුමක් නොලැබෙන්නේ නම් ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය එළැඹෙන 30 සහ 31 යන දෙදිනෙහි පැය 48ක සංකේත වැඩ වර්ජනයක් සිදු කරන බව එම සංගමයේ  සභාපති කේ.ඒ.යූ.කොන්තසිංහ මහතා පැවසීය.

ඊට විසඳුම් ලබා දීම සඳහා ඊයේ (28දා) සහ අද(29දා) යන කාලය ලබා දෙන බව ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.

“ ආරක්ෂාකාරී ධාවනය, කාර්යක්ෂම සේවයක් පවත්වන්න කැපවෙලා ඉන්න අපේ දුම්රිය  එන්ජින් රථ රියදුරන් විශාල අසාධාරණයකට, දුෂ්කරතාවකට , කළකිරීමකට පත්වෙලා තිබෙනවා. මේ නිසා අපි ලොකොමෝටිව් ඔපරේටින්  ඉංජිනියර්ස් සංගමය හැටියට 2025.07.22 ලිපියෙන් ප්‍රවාහන අමාත්‍යාංශයටත්, දුම්රිය දෙපාර්තමේන්තුවටත් දන්වා තිබෙනවා අපි මේ ගැටලු සඳහා ප්‍රමාණවත්, සතුටුදායක විසඳුමක් නොලැබුණ හොත් ඉදිරි 30 සහ 31 යන දෙදින පැය 48ක සංකේත වැඩ වර්ජනයකට යොමු වෙන බව.

මේ අනුව අපි කියන්න ඕනෑ අද හෝ හෙට මේ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් තුළ හෝ යම් සතුටුදායක විසඳුම් තීරණ නොගතහොත් අනිවාර්යෙන්ම ලොකොමෝටිව් ඔපරේටින්  ඉංජිනියර්ස් සංගමය හැටියට30 වැනිදා පැය 0ට ආරම්භ කරන සංකේත වැඩ වර්ජනය 31වැනිදා 24 වැනි පැය දක්වා පැය 48ක  කාලයක් තුළ ක්‍රියාත්මක කරනවා.  දුම්රිය රියදුරු ශ්‍රේණිය මුහුණදෙන පරිපාලන සහ යටිතල පහසුකම් පිළිබඳ ගැටලු සම්න්ධයෙන් තීරණාත්මක විසඳුමක් නොලැබෙන්නේ නම් මේ සංකේත වැඩ වර්ජනය 30සහ 31 වැනි දින දෙක තුළ අනිවාර්යෙන් ක්‍රියාත්මක කරන බවට අපි අනතුරු ඇඟවීමක් කරනවා. ”



Recommended Articles