දුම්රිය සේවකයන්ගේ හිඟය හේතුවෙන් හෙට දිනයේ සිට ඇතැම් කාර්යාල දුම්රිය මන්දගාමීව ධාවනය කිරීමට සිදුවන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. අවුරුදු 60 සම්පූර්ණ කළ රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේද සැලකිය යුතු සේවකයන් පිරිසක් විශ්‍රාම ගොස් තිබුණි.
කෙසේ වෙතත් ඔවුන්ව නැවතත් කොන්ත්‍රාත් පදනම මත සේවයට එක්කර ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම්කර තිබේ.
මේ අනුව ඔවුන්ව සේවයට කැඳවීමේ ලිිිපි යොමුකර ඇති බවත් ඒ් අනුව ඔවුන් සේවයට පැමිණෙන තෙක දුම්රිය මන්දගාමීව ධාවනය කරන බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පැවැසීය.