දුම්රිය ගේට්ටු වසාදමා තිබියදි බස්රථය ධාවනය කළ රියදුරු හා කොන්දොස්තර අත්අඩංගුවට


සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ විකාශනය වු සිද්ධියට අදාළ  පයාගල දුම්රිය හරස් මාර්ගයේදි දුම්රිය ගේට්ටුව වසා තිබියදි දුම්රිය මාර්ගය හරහා ධාවනය වු පුද්ගලික බස්රථයේ රියදුරු හා කොන්දොස්තර අද (30) දින පොලිස් ස්ථානය වෙත කැඳවිමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් රියදුරු හා කොන්දොස්තරවරයා හෙට (1) දිනයේ කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

පයාගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



Recommended Articles