දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩිකරයි


රජයේ හා පෞද්ගලික අංශයේ රැකියාවන් සඳහා පැමිණීමට හෙට (18) සිට දුම්රිය වාර 19ක් දක්වා වැඩි කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

වැඩි දුරටත් අදහස් දැක්වු ඒ මහතා, දුම්රිය ආසන වෙන් නොකළ දුම්රිය මඟින් සඳහා අවස්ථාවක් ලබා දී ඇති බව කීය.

ඒ අනුව රාජකාරී හැඳුනුම්පත,තමාගේ ආයතනය මඟින් නිකුත් ලිපියක e-mail පණිවිඩයක් හෝ කෙටි පනිවිඩයක් (SMS) තිබේ නම් අදාළ දුම්රිය ස්ථානාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ගමන් කිරිමට හැකි බව ද පැවසීය.

කෙසේ වුවද,මෙම අවස්ථාව හිමි වන්නේ,දුම්රිය ආසන හිස් ව තිබේ නම් පමණක් බවත් දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා කීය.මේ වන විට දුම්රිය ආසන වෙන් කර ගැනීම සදහා ඉල්ලුම්පත් 11.000 ඉක්මවා ලැබී ඇති ද බව ඔහු පැවසීය.



Recommended Articles