දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කරයි


උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියක් පිලී පැනීම හේතුවෙන් අද (20දා) දුම්රිය ගමන්වාර 07ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඊයේ දිනයේ ඉහළ කොට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියක් පීලි පැනීමට ලක් වූ අතර, ඒ අනුව අද දිනයේදී මෙම පියවර ගෙන ඇත.

එලෙස අවලංගු කළ දුම්රිය ගමන්වාර පහත පරිදි වේ.

පස්වරු 03.35 කොළඹ කොටුව සිට මහනුවර 

පස්වරු 04.35 කොළඹ කොටුව සිට මාතලේ 

පස්වරු 05.15 කොළඹ කොටුව සිට මහනුවර 

පස්වරු 05.55 කොළඹ කොටුව සිට මහනුවර 

පස්වරු 08.30 කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය,

පස්වරු 03.25 මහනුවර සිට කොළඹ කොටුව 

 



Recommended Articles