දුම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ගෙලවැළලාගනියි


ද්විත්ව මිනී මැරුමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පුද්ගලයෙකු දුම්බර බන්ධනාගාරයේ රෝහල් පරිශ්‍රය තුළදී ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බව පල්ලේකැලේ පොලිසිය පවසයි.

ඊයේ (04දා) එසේ සිය සියදිවි හානිකරගෙන ඇත්තේ ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි තිලක් දිසානායක නමැති 49 හැවිරිදි සැකකරුවෙක් බව පොලීසිය කියයි.

මෙම සැකකරු 2022 වසරේදී ඔහුගේ ඥාති සොහොයුරන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවීමෙන් පසුව පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි බවද පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් පල්ලෙකැලේ පොලිසිය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරයි. 

 



Recommended Articles