දුම්බර බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය රැගෙන යාමට තැත් කළ නියාමකවරයෙකු අත්අඩංගුවට


තම නිල ඇඳුමේ බඳ පටිය තුළ සඟවාගෙන හෙරොයින්, අයිස් හා කේරළ ගංජා බෝගම්බර දුම්බර බන්ධනාගාරය තුළට රැගෙන යාමට උත්සහ කළ බන්ධනාගාර නියාමකවරයෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

බන්ධනාගාර කොමසාරිස් , මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසා සිටියේ බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය ගෙන යාම වැළැක්වීම සඳහා නිලධාරීන් බන්ධනාගාරයට ඇතුල් වීමට පෙර විශේෂ පරීක්ෂාවට ලක්කරන බවත් එසේ පරික්ෂා කරන අවස්ථාවේදී මෙම මත්ද්‍රව්‍ය තොගය හසු වී ඇති බවයි.

බන්ධනාගාර නිලධාරියාගේ බඳ පටිය තුළ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 03 ක් අයිස් මත්ද්‍රව්‍යග්‍රෑම් 3ක් හා කේරල ගංජා තොගයක් තිබී සොයාගෙන තිබෙන අතර මත්ද්‍රව්‍ය තොගය හා නිලධාරියා වැඩිදුර විමර්ශන සඳහා පල්ලේකැලේ පොලීසියට භාර දී තිබේ .

ෂේන් සෙනෙවිරත්න

 



Recommended Articles