දීර්ඝ සති අන්තයට බදුල්ලට විශේෂ දුම්රියක්


එළැඹෙන දීර්ඝ සති අන්ත නිවාඩුව සඳහා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් ධාවනයේ යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ඒ අනුව එළැඹෙන 9දා, 10 දා, 12 දා හා 14 දා යන දිනයන්හි මෙම දුම්රිය ධාවනයට යොදවා තිබේ.

කොළඹ කොටුවෙන් රාත්‍රී 7.35ටත් බදුල්ලෙන් රාත්‍රී 8.30ටත් මෙම දුම්රිය ගමන් ආරම්භ කිරීමට නියමිතය.



Recommended Articles