දීර්ඝ සති අන්තය නිමවන තෙක් ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතුයි


ලබන බ්‍රහස්පතින්දා සිට එළඹෙන දීර්ඝ සති අන්තය නිමවන තෙක් ජනතාව වඩාත් වගකීමෙන් කටයුතු කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියි.

මේ සම්බන්ධයෙන් සැලකිල්ලට ගෙන විනෝද ගමන්වල නිරත නොවී නිවසේම රැදීම සිටීම වඩාත් යෝග්‍ය බවත් එසේ නොමැතිව ජනතාව වගකීමෙන් තොරව කටයුතු කළ හොත් ලබාදී ඇති නිදහස තවදුරටත් පවත්වාගෙන යාමේ ගැටලු ඇති විය හැකි බවත් කුඩා කුඩා පොකුරු නිර්මාණය වී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් පෙන්වා දෙයි.



Recommended Articles