ශ්‍රී ලංකාව චිත්‍රපට රූගත කිරීමේදී හොදම පසුබිම් දර්ශන සහිත රටක් බැවින් එය ලෝක සිනමා කර්මාන්තයේ අවධානයට ලක් කිරීමට සහ එය මෙරට සංචාරක කර්මාන්තයතයේ ප්‍රවර්ධනය සදහා දායක කර ගැනීමට , යොදා ගැනීම සදහා සම්මානනීය ඉන්දීය ජාතික සිනමා අධ්‍යක්ෂ දීපා මෙහෙතා මහත්මිය 05/28 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
ජාත්‍යාන්තරය දිනූ සිනමා නිර්මාණකරණයේ දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගෙන් පසුව , විශාල වශයෙන් සිය නිර්මාණ සදහා , ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ , පසුබිම් දර්ශන සදහා යොදා ගත් සිනමා අධ්‍යක්ෂවරිය , දීපා මෙහෙතා මහත්මියයි .
ඇය විසින් ශ්‍රී ලංකාව තුළ රූගත කළ සිනමා නිර්මාණ ත්‍රිත්වයක් ඔස්කාර් සම්මාන උළෙලේ දී නිර්දේශිත නාමයන් අතරට ද පැමිණ තිබේ .
වෝටර් ( Water ) , මිඩ් නයිට්ස් චිල්රන්ඩ් ( Mid Night's Children ) සහ ෆනී බෝයි ( Funny Boy ) එම චිත්‍රපට ත්‍රිත්වයයි .
එයින් මිඩ් නයිට්ස් චිල් රන්ඩ් සහ වෝටර් චිත්‍රපට දෙක 05/30 දින බෙන්තොට සිනමන් බීච් හෝටලයේ දී දෙස් - විදෙස් ප්‍රේක්ෂකයන් හමුවේ තිරගත කිරීමට නියමිතය .
මීට අමතරව ෆනී බෝයි චිත්‍රපටය 06/01 දින කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ දී ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
දීපා මෙහෙතා මහත්මිය සමග ඇයගේ නිෂ්පාදකවරයෙකු වන ඩේවිඩ් හැමිල්ටන් මහතා ද පැමිණ සිටි අතර , ඔවුන් 05/28 දින රාත්‍රී 06.47 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට , ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔවුන්ගේ මෙම ශ්‍රී ලංකා සංචාරය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය , ජාතික චිත්‍රපට සංස්ථාව සහ සිනමන් හොටෙල් ඇන්ඩ් රිසෝට් සමාගම එක්ව සංවිධානය කර තිබූ අතර මෙහි විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය සීමාසහිත එම්.බී.සී. සහ එම්.ටී.වී.සමාගම සහ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය සීමාසහිත විජය පුවත්පත් සමාගම විසින් සිදු කර තිබේ .