දීපවාලි සමයේදී හැටන් ඩිපෝවට ලක්ෂ 120ක ආදායමක්


දීපාවලි උත්සව සමයේ දුර සහ කෙටි දුර ධාවනයෙන් තම ඩිපෝවට රු. එක්කෝටි විසි ලක්ෂයක පමණ ආදායමක් උපයා ගැනිමට හැකි වූ බව හැටන් ලංගම ඩිපෝවේ ඩිපෝ අධිකාරි ඩබ්ලිව්.ජී. කීර්තිරත්න මහතා පැවසීය.

තම ඩිපෝවේ බස් රථ 90ක් පමණ පසුගිය (17,18,19) යන දින තුල ධාවනයට එක් කල බවත්, ඒ අනුව රියදුරු මහතුන්ගේ සහ කොන්දොස්තර මහතුන්ගේ දැඩි කැපවීම හමුවේ එම ආදායම උපයා ගැනීමට හැකි වූ බව ඩිපෝ අධිකාරිවරයා කියා සිටියේය.

තම ඩිපෝවේ සේවය කරන රියදුරු සහ කොන්දොස්තරවරුන් විශාල පිරිසක් හින්දු භක්තිකයන් බවත්, ඔවුන් දීපාවලී උත්සවය සදහා නිවාඩු ලබා සිටියදී සේවයට පැමිණෙන රියදුරු සහ කොන්දොස්තරවරුන් එක් කර ගනිමින් බස් රථ 80ක් ධාවනයට එක් කල බවයි ඩිපෝ අධිකාරිවරයා කියා සිටියේ.

දීපාවලී උත්සව සමයට පිට පළාත්වල රැකියාවල නිරතව සිට වතුකරයට පැමිණි පිරිස දීපාවලී උත්සව සමයෙන් පසු ආපසු තම රැකියා ස්ථානවලට යෑමට අවශ්‍ය බස් රථද ධාවනයට එක් කිරිමට සැලසුම් කර ඇති බවද ඩිපෝ අධිකාරිවරයා කියා සිටියේය.

 



Recommended Articles