දිසාපතිවරු ළඟ හා වී අලෙවි මණ්ඩලයේ ඇති වී තොග සහල් කරයි


දිස්ත්‍රික් ලේකම්වරුන් හා වී අලෙව් මණ්ඩලය සතුව පවතින වී තොග සහල් බවට පත්කර සතොස වෙළඳසැල් මගින් පාලන මිලට පාරිභෝගිකයන් වෙත අලෙවි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

දැනට වෙළඳපොළේ පවතින සහල් හිඟය හා පාලන මිලට ප්‍රමාණවත් තරම් සහල් තොග සැපයීමට සහල් මෝල් හිමියන් ඉදිරිපත් නොවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.



Recommended Articles