දිස්ත්‍රික්ක පහක නාය යාමේ අවදානමක්


පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක පහක නායයෑම් අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අධ්‍යයන හා අවදානම් කළමනාකරණ අංශය පවසයි.

ඒ අනුව ගාල්ල,කළුතර,මහනුවර,රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කයන්හි නායයෑම් අවදානමක් මතුව තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.



Recommended Articles