දිස්ත්‍රික්ක දහයක් තුළ අධි තාක්ෂණික විශ්ව විද්‍යාල දහයක්


මෙතෙක් කල් විශ්වවිද්‍යාල නොපැවති දිස්ත්‍රික්ක දහයක් තුළ අධි තාක්ෂණික විශ්ව විද්‍යාල දහයක් ඉදිකිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය , සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කළුතර, ගාල්ල,හම්බන්තොට,අනුරාධපුර,පොළොන්නරුව,මාතලේ පුත්තලම,මන්නාරම සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක මේ සඳහා තෝරාගෙන ඇති අතර , දිස්ත්‍රික්ක පහක ශක්‍යතා අධ්‍යයන කටයුතු මේ වන විටත් අවසන් කර ඇතැයි අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.



Recommended Articles