දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවිම්


දිස්ත්‍රික්ක 04ක් සදහා නායයාමේ අනතුරු ඇඟවිම් නිවේදන නිකුත් කර තිබේ.

කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

පසුගිය පැය 24 පුරා එම ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් පැවතීම හේතුවෙන් මෙම නිවේදන නිකුත් කර ඇති බව එම සංවිධානය සඳහන් කරයි.

මේ අතර දිවයින හරහා නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීයව පවතින බැවින් දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය අද (19) දිනයේ දී තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.



Recommended Articles