පවතින අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 08 ක ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, කොළඹ, කළුතර, ගම්පහ, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල ඩෙංගු ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බවය.
වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7,873කි.
පුද්ගලයින් 04 දෙනෙකු ඩෙංගු වැළඳීමෙන් මියගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

