දිවුලපිටිය ආශ්‍රිතයන් පිරිසකගේ PCR පරික්ෂණ හබරාදූවේදී


දිවුලපිටිය ප්‍රදේශයෙන් හමුවූ කොවිඩ් ආසාදිත ඇඟලුම් සේවිකාවගේ ආශ්‍රිතයින් පිරිසකගේ පී. සී.ආර්.  පරීක්ෂණ  හබරාදුව  නිරෝධායන මධ්‍යස්ථානයේ දී  අද (04දා) සිදු කළ බව වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.

මෙම  පරීක්ෂණවල සාම්පල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමුකර කර ඇතැයි ද ඒවායේ   ප්‍රතිඵල සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දැනුම් දෙනු ඇති බවද  වසංගත රෝග විද්‍යාඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්



Recommended Articles