දිවිබල සංවර්ධන ණය ව්‍යාපෘතියේ අක්‍රමිකතා විගණනයෙන් හෙළිවෙයි


දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ  දකුණු පළාත් ව්‍යවසායකත්ව දිවිබල සංවර්ධන ණය  ව්‍යාපෘතියේ කුවිතාන්සි 13ක  අනුක්‍රමික අංක පිළිවෙළ  වංචනික ලෙස වෙනස්කරමින් ණය ලැබිම්වලින් රුපියල් එක්ලක්ෂ, හතලිස්නමදහසක් (149,000)  මුදලක් අවභාවිතාකොට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

 මේ සම්බන්දයෙන් විෂය නිලධාරිනියට අදාළව 2023 වර්ෂයේ  ජුනි 09 වැනිදින  මුලික විමර්ශන කමිටුවක් පත්කර තිබුණද 2024 වර්ෂයේ සැප්තැම්බර් ම දක්වාම අදළාව වාර්තාව ඉදිරිපත් කිරිමට කටයුතු කර නොමැති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

 දිවිබල සංවර්ධන ණය ව්‍යාපෘතිය යටතේ 2022 වර්ෂයේ ඔක්තෝබර් මස 31 දිනට මුදල් පොත අනුව  ලැබිම් සහ පරිඝණක වැඩසටහන් අනුව  රුපියල් විසිතුන්ලක්ෂ, හතලිස්හත්දහස්, හාරසියදාහතරක(2,347,414)  වෙනසක් පැවති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

 දකුණු පළාත් සංවර්ධන අධිකාරිය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ  විෂය නිලධාරිනියට අදාළව  මුලික විමර්ශනයක් සිදුකර  ඒ අනුව ඉදිරි කටයුතු සිදුකිරිමට  අධ්‍යක්ෂක මණ්ඩලය තිරණයක් ලබාදෙන බව දැනුම් දි ඇති බවය.

 දකුණු පළාත් සභාව සම්බන්දයෙන් ජතික විගණන කාර්යාල මගින් නිකුත්කොට ඇති ත්‍රෛවාර්ෂික විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.



Recommended Articles