දිවයිනේ බොහෝ ප්‍ර දේශවලට අද පස්වරුවේ වැසි


දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරුමැද පළාත්වල සහ කුරුණෑගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්මේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

 



Recommended Articles