දිවයින වටා මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණයෙන් නිවේදනයක්


දිවයින වටා මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත්කර ති​බේ.

හෙට සහ අනිද්දා තුළදී දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 70ක් දක්වා ඉහළ යා හැකි බව එම නිවේදනයෙන් දන්වා ති​​බේ.

මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.



Recommended Articles