දිල්ලියේ සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරු 03ක් ගැන පරීක්ෂණ


ඉන්දියාවේ දිල්ලි නගරයේ රතු කොටුව අසල ඊයේ (10දා) සිදුවූ  පිපිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරු තිදෙනෙක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඔවුන් තිදෙනා කාශ්මීරයේ වෛද්‍යවරුන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

එම පිපිරීම සිදු වීමට සති තුනකට පෙර ජයිෂ්-ඊ-මොහොමඩ් ත්‍රස්ත සංවිධානයට සහාය දක්වන පෝස්ටර් රතු කො​ටුව සහ ඒ අවට ප්‍රදේශ වල ප්‍රදර්ශනය කර තිබූ බවද එම වාර්තා වල සඳහන් වේ. 



Recommended Articles