දියේ ගිලී ළමුන් තිදෙනෙක් අතුරුදන්


හුංගම පොලිස් වසමේ කළමැටිය මුහුදු තීරයේ 2026.05.30 දින සවස දිය නෑමට ගිය පිරිමි ළමුන් තිදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බවට හුංගම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත. 

අතුරුදන් වූ ළමුන් අවුරුදු 12, 17 සහ 18 වයස්වල පසුවන හුංගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. 

දියේ ගිලී අතුරුදන් වූ ළමුන් සොයා පොලිස් ජීවිතාරක්ෂක ඒකකය තංගල්ල, නාවික හමුදා නිලධාරීන් හා ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව හුංගම  පොලිස් ස්ථානයේ නිලධාරීන් සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.



Recommended Articles