දියේ ගිලී තිදෙනෙක් මරුට


තඹුත්තේගම, ලුණුවැවේ දිය නෑමට ගිය පුද්ගලයන් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි. ඊයේ සවස අනුරාධපුර වන්දනාවේ ගොස් එමින් සිටි අහුංගල පදිචං පිරිසකින් කිහිප දෙනෙක් මෙසේ ලුණුවැවේ දිය නෑමට ගොස් තිබේ.

එම පිරිස අතරින් දෙදෙනෙක් මෙසේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 19ක් හා 27ක් වන අහුංගල්ල ප්‍ර දේශයේ පදිංචිකරුවන්ය.

මේ අතර පාදුක්ක උඩුගම්කන්ද ප්‍ර දේශයේ ඇති ඇල්ලක දිය නෑමට ගොස් සිටි පුද්ගලයන් දෙදෙනෙක් අතරින් එක් පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබේ. අවුරුදු 54ක බෝපේ, පාදුක්ක පදිංචිකරුවෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

 



Recommended Articles