දියේ ගිලී තිදෙනෙක් මරුට


දියේ ගිලී සිදුවූ අනතුරු දෙකක් හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය පවසයි.මේ අනුව මාදම්පේ තිනිපිටිය වැවේ තිබී අවුරුදු 44ක් වන පුද්ගයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

එසේම දෙහිඕවිට සීතාවක ගඟේ යෝගම පාලම අසළ දිය නෑමට ගොස් සිටි කාන්තාවක් දියේ ගිලෙමින් සිටියදී ඇයව බේරා ගැනීමට උත්සාහ කළ තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්සයට පත්ව තිබේ.

අවුරුදු 20 හා  21 වැනි වයස්වල පසුවන රාජගිරිය හා කොළඹ 12 පදිංචිකරුවන් දෙදෙනෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.



Recommended Articles