දියේ ගිලී තරුණයින් දෙදෙනෙකු මිය යයි


මා ඔයේ යකා බැඳි ඇල්ල යන ස්ථානයේ දිය නාමින් සිටි පිරිසක් අතරින් තරුණයින් දෙදෙනෙක් දියේ ගිලී මියගොස් ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

මරණකරුවන් වයස අවුරුදු 18ක් වූ මත්තේගම හා පන්නල ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් මෘත ශරීර දඹදෙනිය රෝහලේ තැන්පත් කර ඇති බවත් පොලීසිය පවසයි.

ගිරිඋල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 



Recommended Articles