දියමත අවුරුදු උළෙලක්


මාතලේ කොට්ඨාශ දඹුල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ සේවයේ නියුතු වූවන්ගේ  දරුවන් දෙමාපියන්  එක්ව සංවිධානය කල දිය මත අවුරුදු උළෙලක් දඹුල්ල ඉබ්බන්කටුව ජලාශයේදී 17 දින දවස පුරා  පැවැත්විණි

 දඹුල්ල මුලස්ථාන පොලිස්  පරීක්ෂක සහ මාතලේ දිස්ත්‍රික්  ජීවිතාරක්ෂක උපදේශක මහත් වරුන්ගේ   ප්‍රධානත්වයෙන් මෙම උළෙල දවස පුරාවට පැවැත්වු අතර  මෙහි  ක්‍රීඩා  සියල්ල ජලයේ පැවැත්විණි

පිහිණුම් තරග, කොට්ටාපොර ගැසීම, ජලයේ සිට කනාමුට්ටි බිදීම, ඔරු පැදීම වැනි ක්‍රීඩා  අංග රාශියක් විය.



Recommended Articles