දිය රකුසාට 4ක් බිලි


දිවයිනේ ස්ථාන තුනකදී සිදුවූ දියේ ගිලීම් හේතුවෙන් පුද්ගලයන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි. 

මනම්පිටිය - මනම්පිටිය ඉද්දපිච්ච වැවේ  ඔරු පදිමින් සිටියදී ඔරුව පෙරළීමෙන් සිදුවූ අනතුරකින් 34 හැවැරිදි පුද්ගලයෙක් අතුරුදන්ව ඇත. අතුරුදන් පුද්ගලයා සොයා පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මාදම්පේ - මාදම්පේ මැරන්බැට්ටිය ගඟේ දිය නාමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් අතරින් එක් පුද්ගලයෙකු දියේ ගිලී  අතුරුදන්ව තිබේ. අතුරුදන් පුද්ගලයා සොයා පරීක්ෂණ ආරම්භ කර තිබේ.

කුච්චවේලි -කුච්චවේලි, එරක්කණ්ඩිය මුහුදේ දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙකු දියේ ගිලී බරපතල තත්ත්වයෙන් නිලාවේලි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ. අවුරුදු 13 හා 14 වියැති ළමුන් දෙදෙනෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. 



Recommended Articles