දිය අනතුරු තුනකින් සිව් දෙනෙක් මරුට


දිවයිනේ ස්ථාන තුනක ඊයේ දිනයේදී සිදුවූ දිය අනතුරු තුනකින් පුද්ගලයන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට  පත්ව ඇතැයි පොලීසිය පවසයි.

මාතර නගරයේ මුහුදු තීරයේ දිය නාමින් සිටි අවුරුදු 17ක් වන අකුරැස්සේ පදිංචි තරුණයන් 4 ක් දියේ ගසාගෙන ගොස් ඇති අතර ඒහිදී ඔවුන් බේරාගෙන රෝහල් ගත කිරීමෙන අනතුරුව සිසුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

නිකවැරටිය ප්‍ර දේශයේදී ඇලක දිය නාමින් සිටි අවුරුදු 70ක පුද්ගලයෙක් ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

වරාතැන්න ප්‍ර දේශයේදී මහවැලි ග‌‌ගේ දිය නාමින් සිටි අවුරුදු 29ක පුද්ගලයෙක් දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි.

 



Recommended Articles