දිනේෂ් ශාෆ්ටර් අද අවසන් ගමන් යයි


අභිරහස් අයුරින් ඝාතනයට ලක්වූ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.

ඒ මහතාගේ දේහය කොළඹ මල්පාරේ පිහිටි නිවසේ සිට ආගමික වතාවත් වෙනුවෙන් මේ වන විට බෞද්ධාලෝක මාවතේ පිහිටි ක්‍රිස්තියානි ආගමික ස්ථානයක් වෙත රැගෙන ගොස් තිබේ.

පසුගිය 15 දා ජීවිතක්ෂයට පත්වූ ශාෆ්ටර් මහතාගේ දේහය ඊයේ දිනයේදී කොළඹ මල්පාරේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන එනු ලැබීය.

 



Recommended Articles