දිනේෂ්, විමල්, වාසු බැසිල් හමුවෙති


අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණද , අමාත්‍ය විමල් විරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණද , අමාත්‍ය වාසුදේව නානායක්කාරගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණද, පසුහියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ  හමුවී තිබේ.

මෙම පක්ෂ තුන වෙන වෙනම , මුදල් අමාත්‍යවරයා හමුවී ඇති අතර එහිදී මෙවර අය-වැය යෝජනා පිළිබඳව සාකච්ඡා කර ඇත.

මහජන එක්සත් පෙරමුණ වෙනුවෙන් එහි නායක , අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට අමතරව, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන යන අය​ද සාකච්ඡාවට එක්ව තිබේ. ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් එහි නායක අමාත්‍ය විමල් විරවංශ ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ ජයන්ත සමරවීර, පියල් නිශාන්ත යන රාජ්‍ය අමාත්‍යවරුද, ගාමිණී වලේබොඩ, උද්දික ප්‍රේමරත්න, මොහොමඩ් මුසම්මිල් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද,  ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ වෙනුවෙන් එහි නායක, අමාත්‍ය වාසුදේව නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයෂාන් නවනන්ද, පක්ෂ වශයෙන් වෙන වෙනම පැවති සාකච්ඡාවලට සහභාගී වී ඇත.

මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ , මෙවර ඉදිරිපත් කිරීමට නියමිත අය -වැය  යෝජනා පිළිබඳ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ සමග සාකච්ඡා කෙරෙන අතර එහිදී එම පක්ෂද සිය යෝජනා ඉදිරිපත් කර තිබේ.



Recommended Articles