දිනක් තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 2050ක්


ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (19) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 267 දෙනෙකු වන කොරෝනා ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති අතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 2050 දෙනෙකුත් හමුව ඇත. 

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෙබ් අඩවියෙහි සදහන් අන්දමට දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආශ්‍රිතව හමුවීම දිවුලපිටිය  - 260 ක්,  බියගම  - 206 ක්,  මහර  - 205 ක්,  දොම්පෙ  - 198 ක්,  ජාඇල  - 165 ක්, මිනුවන්ගොඩ  - 157  ක්,  කැලණිය  - 148 ක්,  මීරිගම - 94 ක්,  වත්තල  - 84 ක්,  රාගම  - 81ක්,  අත්තනගල්ල  - 65 ක්,  මීගමුව  - 64 ක්, කටාන - 43 ක් සහ සීදූව කොට්ඨාසයෙන් ආසාදිතයින්  - 13 දෙනෙකු වශයෙන් සිදුව ඇත. 

පැය 24 ක කාලය තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 70 දෙනෙකු හමුව ඇති අතර එය ආයෝජන කලාපය කටුනායකකින් - 52 ක්, බියගමින්  - 12 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව හය දෙනෙකු වශයෙනි. 

වෙබ් අඩවියෙහි සදහන් අන්දමට පැය 24 ක් තුල දිස්ත්‍රික්කයෙහි රෝහල් වෙත ආසාදිතයින් 437 දෙනෙකු ඇතුලත් කොට ඇති අතර සැක සහිත රෝගීන් 52 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇත.

දිස්ත්‍රික්කයේ රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 449 දෙනෙකි. 

ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 29,964 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.

ගම්පහ තිලකරත්න දිසානායක

 



Recommended Articles