දිනක් තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1125ක්


ගම්පහ දිස්ත්‍රික්කයෙහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව අද (6) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින්  1125 දෙනෙකු හමුව ඇති අතර මින් 171 දෙනෙකු වන වැඩිම පිරිසක් හමුව ඇත්තේ මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සදහන් අන්දමට සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම ගම්පහ - 140 ක්,  මහර  -110 ක්,  බියගම  - 109 ක්,  දොම්පෙ  - 100 ක්,  මීරිගම  - 96 ක්,  අත්තනගල්ල  - 90 ක්,  ජාඇල  - 74 ක්,  දිවුලපිටිය  - 71 ක්,  කැලණිය  - 37 ක්,  වත්තල  - 36 ක්,  මීගමුව  - 35 ක්, කටාන  - 21 ක්,  සීදූව  - 20 ක් සහ රාගම කොට්ඨාසයෙන් ආසාදිතයින්  - 15 දෙනෙකු වශයෙන් සිදුව ඇත. 

අද උදෑසන වනවිට පැය 24 ක කාලය තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් - 61 දෙනෙකු හමුව ඇති අතර එය ආයෝජන කලාපය කටුනායකකින් - 52 ක් සහ බියගමින්  - 9 දෙනෙකු වශයෙනි. 

දිස්ත්‍රික්කයේ රෝහල් වෙත පැය  24 ක් තුල ආසාදිතයින් 435 දෙනෙකු සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත සැක සහිත රෝගීන්  17 දෙනෙකු ඇතුලත් කොට ඇති බවත් රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි 462 දෙනෙකු ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. 

නිවාසවල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 35, 867 දෙනෙකු වන අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද උදෑසන වනවිට වාර්තාවී ඇති මුලු කොරෝනා  ආසාදිතයින් සංඛ්‍යාව - 1,28,833 දෙනෙකි. 

ගම්පහ තිලකරත්න දිසානායක



Recommended Articles