දිනක් තුළ කටුනායක ප්‍රදේශයෙන් ආසාදිතයින් 67ක්


කටුනායක ප්‍රදේශයේ අද දින කොරෝනා ආසාදිතයන් 67 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි කර්මාන්තශාලා වල සේවය කරන සේවකයින් 38 දෙනෙකු අද දින කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .

ඒ අනුව මේ දක්වා මෙම කළාපය තුළින් කොරෝනා ආසාදිතයන් 2,203 දෙනෙකු වාර්තා වී තිබේ .

එසේම කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් ද , තවත් කොරෝනා ආසාදිතයන් 29  දෙනෙකු අද දින  වාර්තා වී සිටිති .

ඒ අනුව මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 2,253 දෙනෙකු වාර්තා වී තිබේ .

එමෙන්ම අද දින ගම්පහ දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිතයන් 566 දෙනෙකු වාර්තා වී සිටින අතර , ඒ අතරින් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන් 97 දෙනෙකු ද , කැළණිය කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 79 දෙනෙකු ද , මහර කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන් 75 දෙනෙකු ද වාර්තා වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය .

 



Recommended Articles