කොළඹ රිජිවේ ආර්යා ළමා රෝහලේදී මිය ගිය බිළිඳාට කොවිඩ් ආසාදනය වී ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
මෙම මරණය ඊයේ සිදුවිය. ලේ විෂවීම, බහු ඉන්ද්‍රීය අක්‍රියවීම හා කොවිඩ් නියුමෝනියාව මෙයට හේතු ලෙස දක්වා තිබේ.
මීට අමතරව කොළඹ 10 ප්‍ර දේශයේ පදිංචි අවුරුසු 62ක පිරිමි පුද්ගලයෙකුද කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම මරණ දෙකත් සමගින් ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 144ක් දක්වා වර්ධනය වී තිබේ.

