දින දෙකකට ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරයි


අද (17) සහ හෙට (18) යන දෙදින තුළ තොග වෙළෙඳාම සඳහා දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන විවෘතකර තැබීමට පියවර ගෙන ඇත.

ජංගම වෙළෙඳුන්ට අවශ්‍ය එළවළු සහ පළතුරු තොග මිලදී ගැනීම සඳහා එලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතී.

ඒ අනුව අද අලුයම සිට පෑලියගොඩ මැනිං එළවළු වෙළෙඳපොළ සහ මත්ස්‍ය වෙළෙඳපොළ ද තොග වෙළෙඳාම් සඳහා විවෘත කර තිබුණි.

 



Recommended Articles